27.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 33,528ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,113 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,703ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,116
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 470
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 229

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 32
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 31
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 21

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්‍රවුනස් බීච් හෝටලය 16%
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම 14%
  • එච්එන්බී ඇෂුවරන්ස් සමාගම 14 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 10 රුපියල් 4.30 බැගින්
  • සියරා කේබල් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 11.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 4,130,000ක් රුපියල් 198.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 382
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 926ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 31 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 894ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 877
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 17
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම  රුපියල් මිලියන 09
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
  • එක්ස් පැක්  සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!