28.7 C
Galle

පාසල් පැවැත්වෙන දින සහ නිවාඩු දින වෙනස් කරයි

Published:

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් සියල්ල හෙට (02) නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරතිබේ.

පාසල් දෙවැනි වාරය අවසන් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත. තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 05 වැනි දා සිට 22 වැනි දින දක්වා පැවැත්වෙයි. නත්තල් උත්සවය සඳහා දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස 01 වැනි දා දක්වා නැවත පාසල් නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

තෙවැනි පාසසල් වාරයේ දෙවැනි අදියර ජනවාරි මස 02 වැනි දා සිට ජනවාරි මස 20 වැනි දින දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා ජනවාරි මස 21 වැනි දා සිට පෙබරවාරි මස 19 වැනි දින දක්වා පාසල් නිවාඩු ලබා දෙන අතර පෙබරවාරි මස 20 වැනි දින සිට මාර්තු 24 දක්වා තෙවැනි පාසල් වාරයේ අවසන් අදියර ක්‍රියාත්මක වෙයි.

Related articles

spot_img
error: Content is protected !!