28.7 C
Galle

දුම්රිය අනතුරින් මියගිය රුසියානු කාත්තාවගේ දියණිය ශ්‍රී ලංකාවේ තනිවෙයි

Published:

ගාල්ල, දළවැල්ලේ දුම්රිය අනතුරින් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ සිව් හැවිරිදි දියණිය තනිවී සිටින බව පොලිසිය කියයි.

ඔවුන්ගේ ඥාතීන් කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් රුසියානු තානාපති කාර්යාලය මගින් ඥාතීන් සම්බන්ධ කරගන්නා තුරු ඇය දිවා සුරැකුම් මධ්‍යස්ථානය භාරයේ තැබීමට සිදුව ඇත.

‍ඊයේ (01) මේ අනතුර සිදුව ඇත්තේ රුසියානු ජාතික කාන්තාව තම දියණිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවා ආපසු තම නවාතැන වෙත යමින් සිටිය දී ය.

බෙලිඅත්තේ සිට වව්නියාව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථය ගැටීමෙන් එම රථය පැදවූ රියදුරා සහ රුසියානු ජාතික කාන්තාව මියගියාය. දුම්රිය හරස්මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර වර්ණ සංඥා පමණක් ක්‍රියාත්මක වෙයි. මේ ස්ථානයේ වර්ණ සංඥා ක්‍රියාවිරහිත කර ඇති බවට දැන්වීම්ක එම කණුවේ එල්ලා ඇත. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම පුවරුව කිසිවෙකුට නොපෙනෙන බවයි. ත්‍රී රෝද රථය අනතුර ලක්වන අවස්ථාවේ දී ද ඒ වර්ණ සංඥා ක්‍රියාත්මක වූයේ නැත.

Related articles

spot_img
error: Content is protected !!