27.6 C
Galle

විදේශ රැකියා ආයතන 400ක බලපත්‍ර තහනම් කරයි

Published:

විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්‍ර තහනම් කිරීමට කටයුතු කළ බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඔහු කියා සිටියේ සංචාරක වීසා ලබා දී පුද්ගයන් විදේශ ගත කර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත්  නොකළ ආයතනවල බලපත්‍ර මෙලෙස තහනම් කළබවයි. විදේශ රැකියා ලබාදීමේ කොමිස් මුදල් උණ්ඩියල් ක්‍රමයට මෙරටට ගෙන්වාගත් රැකියා නියෝජිත ආයතන කිහිපයක් ද මෙලෙස බලපත්‍ර තහනම් කළ ආයතන අතර ඇති බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දීය.

Related articles

error: Content is protected !!