27.6 C
Galle

දෙයියන්ට ජංගම දුරකථන කරදරයි ලු

Published:

තමිල්නාඩුවේ හින්දු කෝවිල්වල පාරිශුද්ධත්වයට හානි සිදුවන බව පවසමින්, කෝවිල් ඇතුළත ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට මදුරාසි මහාධිකරණය නියෝග කර තිබේ.

සෑම කෝවිලකම ජංගම දුරකථන ආරක්ෂිත ස්ථානයක තබා ඇතුළට ගොස් ආගමික කටයුතුවල යෙදීම සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙස ද දැනුම් දී තිබේ.

තමිල්නාඩුවේ පිහිටි සුබ්‍රමාන්‍යා ස්වාමි නමැති කෝවිල ඇතුළත ජංගම දුරකථන භාවිතය තහනම් කරන ලෙස තමිල්නාඩුවේ සුබ්‍රමාන්‍ය ස්වාමි කෝවිලේ බැතිමතකු විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය සිදුකර තිබේ.

එම පෙත්සම මගින් ඉල්ලා තිබුණේ ජංගම දුරකථ බැතිමතුන්ගේ අවධානය වෙනස් කරන බවයි. අනුමැතියකින් තොරව ඡායාරූප ගැනීමෙන් ගැටලු ඇතිවන බව ද කෝවිලේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ද පවසමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

Related articles

error: Content is protected !!