28.7 C
Galle

ලිට්‍රෝ ගණන් උස්සයි. ලාෆ් පැරණි ගණනට ම දෙයි

Published:

ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 250.00කින් ඉහළ දැමෙයි. එහිි නව මිල රුපියල් 4,610.00කි.

කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,850.00ක් දක්වා ඉහළ දමා ඇත්තේ රුපියල් 100.00කිනි. කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45.00ක මුදලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860.00ක් වෙයි.  

මේ අතර ලාෆ් සමාගම තම සමාගමේ ගෑස් මිල ඉහළ නොදමන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!