28.7 C
Galle

රට ම දුටු වරද, පොලිස් කොමිසමේ සභාපතිට නොපෙනේ

Published:

“අරගලයේ මව්වරු” නමින් පසුගිය 12 වැනි දා විරෝධතාවක යෙදුණු කාන්තාවන් අත්අඩංගුවට ගත් මොහොතේ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු‍ගේ බෙල්ලෙන් අල්ලා බැන වදිමින් ඔවුන් තල්ලු කර දැමූ පොලිස් නිලධාරීයා වරදක් කර නැතැයි ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි.

මෙලෙස කාන්තා පොලිස් නිලධාරිනියන් තල්ලුකර දැමුවේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පින්ටෝ විසිනි. පොලිස් කොමිසමේ සභාපතිවරයා පවසන්නේ අදාළ නිලධාරියා එම කාන්තා පොලිස් නිලධාරිනියන්ට කිසිදු හිංසාවක් කර නැති බවයි.

පසුගිය දා බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළට ගොස් සිටි ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා මෙසේ පවසයි.

“එහි දී කාන්තා විරෝධතාකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුූ නිසා පිරිමි පොලිස් නිලදාරීන්ට ඔවුන් හැසිරවීමට අවසර නැහැ. ඒ නිසා කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනකු කැඳවා තිබුණා. ඔවුන් සි‍ටියේ කෙ‍ාහේ ද පිටුපස සිටගෙන සිටියත් ඔවුන් රාජකාරී කළ යුත්තේ ඉදිරියෙන්. කාන්තාන් දෙදෙනා අත්අඩගුවට ගන්න වෙලාව ආවම කාන්තා නිලධාරිනයක් එහි නොසිටි නිසා ස්ථානාධිපතිවරයා විසින් ඔවුන් ඉදිරියට තල්ලු කළා. මෙය හිරිහැරයක් වෙන්නේ කොසේ ද ? හිරිහැර කිරීම සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක්. ඔවුන් තල්ලු කළ යුතු යැයි මා සිතන්නේ නෑ. නමුත් එය හිරිහැරයක් ලෙස ද මා දකින්නේ නෑ.

Related articles

spot_img
error: Content is protected !!