27.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 19,953ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,935ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,843ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,163
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 382
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 343

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 45
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අමානා ලයිෆ් සමාගම 23%
  • සීඅයිටී සමාගම 14%
  • රේඩියන්ට් ජෙම් සමාගම 13 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 3,640,000 රුපියල් 200.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 402
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 886 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 10 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 876ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 732
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 117
  • සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 08

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බයිරහා ෆාම් සමාගම  රුපියල් මිලියන 1.1
  • අලියාන්ස්  සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!