28.7 C
Galle

දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී හිරවෙයි. ගලවා ගැනීමේ මෙහෙයුම්

Published:

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි වයස අවුරුදු 08ක කුඩා දරුවකු ළිඳකට වැටී සිර වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම දරුවා වැටී ඇති ළිඳ අඩි 400ක් පමණ ගැඹුරු බවත් අඩි 55ක් පමණ ගැඹුරු ස්ථානයක දරුවා සිරවී සිටින බවත් ගලවාගැනීමේ කණ්ඩායම් පවසයි. දරුවා  ලිඳට වැටුණු කඩා වැටුණු මඩ තට්ටුවක් දරුවාට ඉහළින් හිර වී ඇති බැවින් දරුවාගේ තත්වය නිරීක්ෂණය කිරීම අපහසු වී තිබේ.

මේ වනවිට දරුවා ළිඳට වැටී පැය 16ක් ඉක්ම ගොස් ඇති බැවින් ඔහුගේ තත්වය පිළිබඳ මේ දක්වාම කිසිම තහවුරු කිරීමක් නැත.

සිය මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී දරුවා මෙම අනතුරට මුහුණ දී ඇත.

https://www.news18.com/news/india/mp-8-yr-old-stuck-in-400-ft-deep-borewell-rescue-ops-underway-child-may-be-unconscious-6558031.html

Related articles

spot_img
error: Content is protected !!