27.6 C
Galle

අනතුරට ලක් වූ චාමිකට ගාල්ලේ දී සැත්කමක්

Published:

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගාල්ල ග්ලැඩියේටර්ස් සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම අතර සූරියවැව ක්‍රීඩාංගණයේ අද (07) පැවති තරඟයේ දී උඩපන්දුවක් රැකගැනීමට ගිය චාමික කරුණාරත්නගේ මුහුණේ එම පන්දුව වැදීමෙන් ඔහුගේ දතක් ගැලවී වැටුණු අතර මේ වනවිිට සැත්කමකට ලක්කරමින් පවතින බව ද වාර්තා වේ.

ක්‍රීඩා පිටියේ දී ම දතක් අහිමි වූ චාමික තරඟය අතරතුරදී ම රෝහල්ගතකර ඇත. ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්න‍ේ මහනුවර කණ්ඩායමට ක්‍රීඩාකරන චාමිකගේ දත් හතරකට හානි සිදුව ඇති බවයි.

ඔහුගේ සැත්කම ගාල්ලේ පුද්ගලික රෝහලක දී සිදුකරන බව ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!