28.7 C
Galle

පොලිසියට තර්ජනය කළ රියදුරු ප්‍රදේශයෙන් පළාගිහින්

Published:

‍විවිධ හැඳුනුම්කම් කියමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය ක‍රමින් රාජකාරියට බාධා කළ පුද්ගලයා සිය බිරිඳ සමඟ මහරගම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අයකු බවට හඳුනාගත් බව මිරිහාන පොලිසිය පවසයි.

නුගේග‍ොඩ දෙල්කඳ හන්දියේ දී පොලිසියේ රාජකාරියට බාධා කරමින් කටයුතු කළ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයනවිට ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව ද වාර්තාවේ.

පොලිස් අණ නොතකා ධාවනය වූ රථයක් පසුපස හඹාගිය නිලධාරීන් එම රථය දෙල්කඳ හන්දියේ දී නතර කළ අවස්ථාවේ දී ඔහු මෙලෙස පොලිස් රාජකාරියට බාධා කර ඇත. එහි දී රථය පැද වූ පුද්ගලයාට එරෙහිව නඩුවක් පැවරීමමට පොලිස් නිලධාරීන් කටයුතු කරද්දී ඔහු විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්කම් කියමින් පොලිස් නිලධාරීන්ට අපහාසාත්මක ආකාරයෙන් බැනවැදී තිබේ.

ඔහුගේ මේ හැසිරීම පිළිබඳ බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනා මිරිහාන පොලිසියට ගොස් ඒ මොහොතේ ම සටහනක් තබා ඇති අතර ඒ සිද්ධිය සම්බන්ධ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලිසියේ ඉහළ ම නිලධාරීන්ගේ පවා අවධානයට එය ලක් වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!