28.7 C
Galle

යාපනය සරසවි සිසුවියන්ට, පිටස්තරයන්ගෙන් ලිංගික හිරිහැර

Published:

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිිසුවියන්ට බාහිර පුද්ගලයන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට කෝපායි පොලිසියට සිසුවියන් පිරිසක් ඊයේ (06) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයක සිටින සිසුවියන් මෙම පැමිණිල්ල කර ඇති අතර පැමිණිල්ලේ සඳහන් වන්නේ මේ පිළිබඳ සිසුවියන් 312 දෙනකු විසින් විශ්වවිද්‍යාල පාලන අධිකාරියට දැනුම් දුන්න ද ප්‍රතිඵලයක් නොලැබුණු බවයි.

සිසුවියන් පවසා ඇත්තේ මෙලෙස හිරිහැර කරන්නේ නන්නාදුනන බාහිර පුද්ගලයන් වුව ද ඔවුන්ට විශ්වවිද්‍යාලයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබනෙ බවයි.  

පසුගිය 05 වැනි දා සවස සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලයේ සිට නේවාසිකාගාරය බලා යමින් සිටිය දී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තරුණියන් දෙදෙනකුට ලිංගික හිරිහැර කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් සිසුවියන් ඊයේ මෙලෙස පැමිණිල්ල ගොනුකර තිබේ.

පොලිසියට පැමිණිලි කළ සිසුවියන් ඒ බව විශ්වවිද්‍යාල පාලන අධිකාරියට ද දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!