27.6 C
Galle

අහස අඳුරු වුණේ ඉන්දියාවේ දූවිල්ලෙන්. නිවසට වී සිටින්න යැයි වෛද්‍ය උපදෙස්

Published:

බෙංගාල බොක්කේ හටගෙන ඇති මැන්ඩවුස් සුළි කුණාටවු හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ශ්‍රී ලංකාවට ඉහළ අහසට පාවී ඒම හේතුවෙවන් අද (08) දිනය පුරාම අහස අඳුරු ස්වභාවයක් ගෙන තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසන්නේ මෙය මිහිදුම් තත්වයක් නොවන බවයි. වායුගෝලයේ දූවිලිල අංශ විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස අඳුරු ස්වභාවයක් හටගෙන ඇත.

කොළඹ, ගම්පහ, රත්නපුර, ගාල්ල, කළුතර, යාපනය, වව්නියාව, මන්නාරම ආදී දිස්ත්‍රික්කවලට මෙහි බලපෑම වැඩි වශයේන එල් වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වායුගෝලීය අංශු ප්‍රමාණය ඒකක 200ක් දක්වාත් කොළඹ දිස්ත්‍රික්කයේ 167 දක්වාත් ඉහළ ගොස් තිබේ.

පර්යේෂකයන් පවසන්නේ මැන්ඩවුස් සුළි කුණාටුව හෙට 09) දිනය වනවිට ඉන්දියාවේ තමිල්නාඩුව පුණ්ඩුචෙරි සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ හරහා රට ඇතුළට යා හැකි බවයි. ඒ සමඟම මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ද පර්යේෂකයෝ පවසති.

මෙම දූවිලි අංශු ශරීරයට ඇතුළුවීමෙන් ශ්වසන රෝග ඇතිවිය හැකි බවත්, ආසාත්මිකතා ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. හෘද හා ශ්වසන ආබාධ සහිත රෝගීන්ට ද මෙම තත්වය ඉතාමත් අහිතකර විය හැකි බැවින් මුඛ ආවරණ පළඳින ලෙස මධ්‍යම පරිසර අධිකාරයේ ලේකම් විශේෂඥ වෛද අනිල් ජාසිංහ උපදෙස් දෙයි. එමෙන් ම එළිමහනේ ඇවිදීමෙන් හැකිතාක් වළකින ලෙස ද දැනුම් දී ඇත.

Related articles

error: Content is protected !!