27.6 C
Galle

ගාල්ලේ සිට සිරිපා වන්දනාවේ ගිය 96 හැවරිදි සීයා ඉහළ මළුවේ දී අවසන් හුස්ම හෙළයි

Published:

ගාල්ලේ සිට ශ්‍රී පාද වන්දනාවේ ගිය 96 හැවිරිදි පුද්ගලයකු අද (08) ඉහළ මළුවේ දී මියගොස් ඇතැයි නල්ලතන්නි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඊයේ (08) ශ්‍රී පාද කඳු මුදුනට ළඟා වී ඇති අතර අද දිනයේ දානමය පිංකමක් සඳහා සහභාගීවීමට ඉහළ මළුවේ රැය පහන්කර තිබේ.

ඔහුගේ සිරුර හදිසි මරණ පරීක්ෂණයක් සඳහා දික්ඔය මූලික රෝහලට රැගෙන ‍ගොස් ඇති අතර නල්ලතන්නි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

error: Content is protected !!