27.6 C
Galle

අම්පාරේ පාරක් මුහුදට කැඩී යයි. නිවාස රැසකට හානි

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයට බරපතල හානි සිදුව ඇතැයි වාර්තා වේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ නින්දවුර් මුහුදු වෙරළ ආසන්නයෙන් දිවෙන් කාපට් ඇතිරූ මාර්ගයක් පවා මුහුදට කැඩී ගොස් ඇති බවයි. මුහුදු රළ උස්ව නැගී වෙරළ සීඝ්‍රයෙන් ඛාදනය වී ඇති බව ද වාර්තා වේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු‍ව සඳහන් කරන්නේ මෙම මාර්ගය අසළ වෙරළේ කළුගල් ඇතිරීමට සිදුවන බවය.ි

දැඩි සුළං සහ වර්ෂා තත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 126 කට හානි සිදුවි ඇති බව අම්පාර දිසාපති ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා කීවේය.

Related articles

error: Content is protected !!