27.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 21,832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,401ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,891ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 473
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 400
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 243

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 57
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන් ලංකා සමාගම 25%
  • කෙල්සි ‍ඩිවෙලොප්මන්ට් සමාගම 11%
  • රිචඩ් පීරිස් සමාගම 10 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඩබලිව් මැකී සමාගම කොටස් 250,000ක් රුපියල් 90.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 375,000ක් රුපියල් 95.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 636,000ක් රුපියල් 150.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 145,000ක් රුපියල් 215.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 397
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 211 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 130ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 175
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 27
  • හේලීස් සමාගම රුපියල් මිලියන 11

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එච්එන්බී බැංකුව  රුපියල් මිලියන 42
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 09
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!