31.6 C
Galle

අයවැය සම්මතයි

Published:

2023 සඳහා වූ අයවැය වැඩි ඡන්ද 43කින් අද (08)  සම්මත විය.

අයවැය තෙවැනිවර කියවිමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 80ක් ලැබිණි. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

පසුගිය නොවැම්බර් මස 14 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් මස 15 වැනි දා සිට 22 වැනි දා දක්වා පැවැත්වූ අතර 22 වැනි දා ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 121ක් හා විරුද්ධව ඡන්ද 84ක් ලැබිණි. දෙවැනිවර කියවීමේ විවාදය වැඩි ඡන්ද 37කින් සම්මත වූ අතර අද වැඩි ඡන්ද 43කින් අයවැය සම්මතවීමත් සමඟ අයවැය විවාදය අවසන් විය.

Related articles

spot_img
error: Content is protected !!