31.6 C
Galle

පිරිසක් පහර දීමෙන්, උඩුගම පුද්ගලයෙක් මරුට

Published:

කිසියම් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී කළ පහරදීමක් හේතුවෙන් ගාල්ලේ, උඩුගම, ගෝණදෙණියේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝණදෙණියේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පදිංචි නිවස අසළ දී මෙම පහරදීම සිදුකර ඇත. නිවස අසළින් කෑ ගැසීමක් ඇසෙන විට ඔහුගේ බිරිඳ, දරුවන් සහ මව ඒ ගැන සොයාබලා ඇත. කිසියම් පිරිසක් එම අවස්ථාවේ තම සැමියාට පහරදෙමින් සිටි බව මියගිය තැනැත්තාගේ බිරිඳ පවසයි.

පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි ඔහු උඩුගම රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

පොලිසිය පවසන්නේ මෙම පහර දීම සිදු කළ පුද්ගලයන් දැනටමත් හඳුනා ගෙන ඇති බවිය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ උඩුගම පොලිසිය විසින් සිදු කරන අතර මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) සිදු කිරීමට නියමිත ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!