28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 16,033 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,608ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 47ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,843ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 439
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 415
  • බ්‍රවන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 216

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 26
  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 06
  • අම්බන් කැපිටල් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බලංගොඩ වැවිලි සමාගම ® 190%
  • සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම 15%
  • ඊ චැනලින් සමාගම 13 %

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 397
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 13 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 12 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 03
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!