27.8 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය ගැන වාර්තාවක් ඉල්ලයි

Published:

ඉන්දියාව සමඟ පැවැති අවසන් එදිදින තරඟයේ දී ලෝක වාර්තාවක් පිහිටුවමින් ලකුණු 317ක දැවැන්ත පරාජයක්  ලැබීමට හේතු ඇතුළත් වාර්තාවක් දින 05ක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ.

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය එක්දින තරඟ ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් විශාලත ම ලකුණු පරතරයකින් පරාජය වීම ලෙස වාර්තාපොත්වලට එකතු වී ඇත.

මෙම වාර්තාවට කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ සාමාජිකයන් සහ කණ්ඩායම් කළමනාකරුගේ අදහස් ඇතුළත් විය යුතුයැයි ද දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!