27.4 C
Galle

සඳට ගිය දෙවැනි මිනිසා 93 වැනි වියේ දී විවාහ වෙයි

Published:

ඇපලෝ 11 යානයෙන් 1969 වර්ෂයේ දී සඳ මත පා තැබූ දෙවැනි මිනිසා බවට පත් වූ එඩ්වින් ඕල්ඩ්‍රින් සිය 93 වැනි උපන්දිනය යෙදී තිබුණු ඊයේ (21) විවාහ දිවියට එළැඹියේය.

ලොස් ඇන්ජලීස් නගරයේ දී චාම් විවාහ උත්සවයක් පැවති අතර ඔහු විවාහ වූයේ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමගිනි.

මේ එඩ්වින් ඕල්ඩ්‍රින් විවාහ වූ හතරවැනි අවස්ථාව යි. මීට පෙර තුන් වතාවක් විවාහ වි සිටි ඔහු එම විවාහ තුනෙන් ම නීත්‍යානුකූල ලෙස වෙන්ව සිටියේය.

අපලෝ 11 යානයෙන් නීල් ආම්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රිං සමඟ මයිකල් කොලින්ස් තිදෙනා සඳ වෙත ගිය අතර මයිකල් කොලින්ස් සඳහ කක්ෂයේ රැඳී සිටිය දී නීල් ආම්ට්‍රෝං පළමුවත්, ඉන් විනාඩි 19කට පසු එඩ්වින් ඕල්ඩ්‍රින් දෙවනුවත් සඳහ මත පා තැබූහ.

නීල් ආම්ට්‍රෝං සහ මයිකල් කොලින්ස් යන දෙදෙනා ම අද ජීවතුන් අතර නැත.

https://twitter.com/TheRealBuzz/status/1616600085441159168/photo/2

Related articles

spot_img
error: Content is protected !!