30 C
Galle

නවසිලන්ත නව අගමැති දිවුරුම් දෙයි

Published:

නවසීලන්තෙය් නව අග්‍රාමාත්‍යවරයා ෙලස කම්කරු පක්ෂෙය් නායක ක්‍රිස් හිප්කින්ස් අද (25) අලුයම දිවුරුම් දුන්නේය.

ලෝකයේ ලාබාලත ම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්ව කටයුතු කරමින් සටි අගමැතිනි ජසින්ඩා අර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසු ජනවාරි 22 වැනි දා කම්කරු පක්ෂයේ නායකයා ලෙස ක්‍රිස් හිප්කින්ස් පත්වූයේය.

එරට පාලක පක්ෂය වූ කම්කරු පක්ෂයේ නායකයා ලෙස ක්‍රිස් අද අගමැති ධූරයේ දිවුරුම් දුන්නේ ජසින්ඩාගේ ඉල්ලා අස්වීමෙන් හිස්වන අගමැතිධූරයේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහාය.

නවසීලන්තයේ හිටපු අගමැතිනි ජසින්ඩාට සුබ පැතීම සඳහා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට  පැමිණි දහස් ගණනක් ඉදිරියේ තම පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා සිප වැළඳගනිමින් සමුගැනීමට ජසින්ඩා කටයුතු කළාය. ඒ අවස්ථාවේ දී පාර්ලිමේන්තු නියෝජිතයන් බොහෝ දෙනකු හැඟීම්බර වූවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජුගේ නියෝජ්තයා වූ නවසීලන්ත ආණ්ඩුකාර සින්ඩි කිරෝ වෙත තම ඉල්ලා අස්වීම හිටපු අගමැතිනිය විසින් බාර දී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!