31.6 C
Galle

ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණයක්

Published:

ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය විසින් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණයක් ලබාදීමට තීරණය කර ඇත. එම ණය මුදල කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත මුදාහරින අතර එම බැංකු වෙතින් ආහාර, ඖෂධ සහ පොහොර යන අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා එම ආනයනකරුවන් වෙත ණයක් ලෙස ලබාදීමට නියමිතය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 13,969ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,205ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 117ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,198ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 201
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 179
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 65

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේසන්ස් ලංකා  සමාගම 20%
  • සර්වෝදය ෆිනෑන්ස් සමාගම 12%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • යුනියන් බැංකුව කොටස් මිලියන 2.7ක් රුපියල් 9.50 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 1.1ක් රුපියල් 31.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 150,000ක් රුපියල් 200.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 351
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 205
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 62ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ  පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)රුපියල් මිලියන 38
  • ලංකා ලුබ්‍රිකන්ට් සමාගම රුපියල් මිලියන 09
  • ඕවසර්සීස් රියලිටි සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • යුනියන් බැංකුව රුපියල් මිලියන 27
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!