29.6 C
Galle

කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (22) දින ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් අගයන් ධනාත්මක ලෙස ඉහල යෑමත් සමග කොළඹ කොටස් වෙළඳපල සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 74කින් ඉහල යන ලදී.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 15,359ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1373ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,054ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම මිලියන 109
  • ඩිප් ප්‍රෙඩක්ට් සමාගම මිලියන 77
  • ඊ බී ක්‍රීසි සමාගම මිලියන 71

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 6.5
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 5.7
  • යූ බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 3.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්චන්ට් බෑන්ක් පී සමාගම 10%
  • කැලී ෆන්ඩ් සමාගම 08%
  • ටෙස් ඇග්‍රො සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 427
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 336

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 20 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 82ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 62ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 05
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 02
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 33
  • ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 20
  • කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!