31.6 C
Galle

වතුරේ ගසාගෙන ගිය පුද්ගලයකුගේ දිවි බේරාගත් මෙහෙයුම (වීඩියෝ සහිතයි)

Published:

සැඩපහරට හසුවී ගසාගෙන යද්දී කොන්ක්‍රීට් බාධකයක යන්තමින් එල්ලී සිටි පුද්ගලයකු ලොස්ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් බේරාගන්නා ආකාරය දැක්වෙන දර්ශන රොයිටර් පුවත් සේවය මගින් නිකුත් කර ඇත.

ලොස්ඇන්ජලීස් ගංඟාවේ ජලය වේගයෙන් බැස යද්දී එම පුද්ගලයා ඉතා අසීරුවෙන් කොන්ක්‍රීට් බාධකයක එල්ලී සිටින අතර ගිනි නිවන දෙපාර්තමේන්තුවේ හෙලිකොප්ටරයක් පැමිණ කේබලයක ආධාරයෙන් ජීවාතාරක්ෂක බටයකු ඔහු වෙත යවා නැවත දෙදෙනාම ඉහළට ගන්නා ආකාරය මේ වීඩියෝවේ දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!