27 C
Galle

සිසුවකු ගසක බැඳ, අතවර කළ පාසල් සිසුන් ගැන පරීක්ෂණ

Published:

ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පාසලක 07 වැනි ශ්‍රේණියේ සිසුවකු ගස් බැඳ කලිසම ගලවා සිරුරට යමක් ඇතුලුකරමින් අතවර කළා යැයි සැකපිට එම පාසලේ ම 12 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන තවත් සිසුන් පස් දෙනකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාසල් වේලාවේ දී මෙම අතවරය සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සිසුවා පොලිසියට පවසා ඇත්තේ එම සිසුවා ගැහැනු ළමයකු මෙන් නිහඩව, සංවරව සිටින බැවින් මෙලෙස කළ බවයි.

මෙම සිද්ධිය ගොඩින් බේරාගැනීමට එම විද්‍යාලයේ ගුරුවරියක දැඩි බලපෑම් කරන බවත්, අතවරයට ලක් වූ සිසුවාගේ මවට පවා කතා කරමින් විද්‍යාලයට අපකීර්තියක් වීම වළක්වන්න යැයි ඉල්ලා සිටින බවත් පොලිසිය පවසයි. අතවරයට ලක්වූ සිසුවාගේ මව ද නීතිය ආරක්ෂා කරන ආයතනයක ඉහළ නිලධාරිනියකි.

පාසලේ වැසිකිළි පද්ධතියක් ආසන්නයේ ඇති ගසක බැඳ මෙම සිසුවාට අතවර කර ඇතැයි වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!