28 C
Galle

ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි

Published:

අද (21) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 5.5ක් ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 106ක වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,358ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 750ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,979ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම මිලියන 106
  • කීල්ස් හොටෙල්ස් මිලියන 60
  • එලිෆන්ට් හවුස් සමාගම මිලියන 41

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 13
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 05
  • කීල්ස් හොටෙල්ස් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ෆෙගසස් හොටෙල්ස් සමාගම 11%
  • සිට්‍රස් වස්කඩුව සමාගම 06%
  • කර්නර් හෝස් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 423
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 338
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 333

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 38 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 19ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 19ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 15
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඕවර්සීස් රියැලිටි සමාගම රුපියල් මිලියන 12
  • ඒ සී එල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!