28.3 C
Galle

පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට

Published:

යාපනයේ මනිපායි ප්‍රදේශයේදී රථවාහන පොලිසිය නවත්වන්නැයි සංඥා කළ 27 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මාර්ගය අසල යතුරුපැදිය නවතා සුළු වේලාවකින් හදිසියේ සිහිසුන්ව ඇද වැටීමෙන් මියගොස් තිබේ. සිද්ධිය සෙනසුරාදා (19) පෙරවරුවේ සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

රථවාහන පොලිස් නිලධාරීන් ඔහුට නවත්වන ලෙස සංඥා කර ඇත්තේ යතුරුපැදිය ධාවනය කරමින් ජංගම දුරකථනයෙන් කතා කරමින් සිටි බව නිරීක්ෂණය වීම හේතුවෙනි. යතුරුපැදිය මාර්ගයෙන් ඉවත් කර නවතා දැමීමෙන් පසු ඔහු හදිසියේ සිහිසුන්ව ඇද වැටී තිබේ. ප්‍රදේශවාසීන්ගේ සහායෙන් 1990 ගිලන් රථයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගියද එහිදී ඔහු මියගිය බව තහවුරු කර ඇත.

මියගොස් ඇත්තේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය හදිසි මරණයක් ලෙස සලකා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබේ. මරණයට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීම සඳහා ශරීර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත.

මරණයට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් නිගමනයක් නිකුත් වී නොමැති අතර, මනිපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!