27 C
Galle

ත්‍රස්ත විමර්ශන ඒකකයට හිටපු නීතිපති වෙනුවෙන් නීතිඥයෙක් එයි

Published:

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් යැයි ද ? මහ මොළකරුවකු එහි පිටුපස සිටින්නේ යැයි ද ? සඳහන් කරමින් ප්‍රකාශයක් කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් නීතිඥවරයෙක් අද (19) ත්‍රස්ත වමිර්ශන කොට්ඨාස‍යට පැමිණියේය.

හිටපු නීතිපතිවරයාට මෙම ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඊයේ (18) දැනුම් දී තිබිණි.

ඔහු වෙනුවෙන් පැමිණි නීතිඥවරයා කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් නෛතික විරෝධතාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ බවයි. එම විරෝධතාව පිටු 07කින් සමන්විත බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!