25.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 10,802  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,279ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 119
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 106
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 99

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 11
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 03
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කොගො බෝට් සමාගම 13%
  • ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම 09%
  • පෙගසස් හෝටල් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් 368,000ක් රුපියල් 72.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 331
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 247ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 103ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 144ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති  සමාගම (X)  රුපියල් මිලියන 97
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 24
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 03
  • බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!