29.2 C
Galle

අධික උණුසුම සමඟ මානසික සංකූලතා වැඩිවීමක්

Published:

මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මානසික සංකූලතා ඇතිවිය හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේසඥ ‍මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

දැඩි උණුසුම හේතුවෙන් විශාදය, කාංසාව හා bipolar affective යන රෝග ලක්ෂණ වැඩිවන බවට විද්‍යාත්මක සාක්ෂි ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. එමෙන් ම දරුවන්ගේ පාඩම් කටයුතු සඳහා ද අධික උෂ්ණත්වය බලපෑඹක් ඇතිවිය හැකි බවත් චින්චන හැකියාව, මතක ශක්තිය අඩුවීම සිදුවන බව ද විශේෂඥ වෛද්‍ය රූබන් පෙන්වා දෙයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන පීඩනයත් සමඟ තරහ ඇතිවීම, රණ්ඩු සහ කෝලාහල වැඩිවීම සිදුවන බව ද වෛද්‍ය මතය වී තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පෙන්වා දෙන්නේ මානසික රෝග සඳහා ඖෂධ ලබාගන්නා අයගේ වතුර තිබහ අඩු නිසා ඔවුන් විජලනය වීමේ අවදානමකට දැඩිව මුහුණ දෙන බවයි. එමෙන්ම ලිතියම් සහිත ඖෂධ ලබාගන්නා අය ද වඩාත් සැළකිලිමත් විය යුතු බව වෛද්‍යවරයා කීවේය.

Related articles

error: Content is protected !!