29.2 C
Galle

උසස් පෙළ ‍දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කරයි

Published:

උසස් පෙළ විභාගයේ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

ඒ අනුව හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවය.

යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවලදී එම කටයුතු ආරම්භ කර තිබේ.

Related articles

error: Content is protected !!