29.4 C
Galle

අකුරණ ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරක් තිබී නෑ. දුරකථන ඇමතුමකට හමුදාව යොදවලා

Published:

අකුරණ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි බුද්ධි අංශයට ලැබුණු තොතරු ලැබී ඇතැයි කියමින් යුද හමුදාව පවා යොදවා ඇත්තේ තනි පුද්ගලයකු විසින් 118 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව බව අනාවරණය වෙයි.

නමුත් රජය ප්‍රකාශ කළේ බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

අද (22) උදෑසන හාරිස්පත්තුව ප්‍රදේශයේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ 118 හදිසි ඇමතුම් අංශයට පසුගිය 18 වැනි දා රාත්‍රී ඇමතුමක් දෙමින් කියා ඇත්තේ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවයි.

එම ඇමතුම ලැබීමෙන් පසු දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාක් අකුරණ ප්‍රදේශයට යෙද වූ රජය නිවේදනය කළේ පාස්කු ප්‍රහාරය සිදු වූ දිනයේ අකුරණ නගරයට කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ තොරතුරු ඇති බවයි.

21 හැවිරිදි එම පුද්ගලයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මැයි 04 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!