29.2 C
Galle

ගම හරහා දිවූ අයියාගේ සහයට ගිය මල්ලී නොඑන ගමන් යයි

Published:

අවුරුදු උත්සවයක මැරතන් තරඟයකට එක්ව සිටි තම අයියාගේ සහයට ගිය 10 හැවිරිදි මල්ලී හදිසි රෝගී තත්වයකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, පලාගල, හෙට්ටියාව ප්‍රදේශයේ පදිංචි ගුණතිලකගේ දණුක ලක්ෂාන් නමැති දරුවෙකි. ඔහු පලාගල මහා විවද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

කුඩා හෙට්ටියාව ප්‍රදේශයේ අද (22) පැවැත්වූ අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරඟයක් ගමේ පොදු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වී තිබිණි. එහි දුර කිලෝ මීටර 04කි. මිය ගිය සිසුවාගේ 15 හැවිරිදි වැඩිමල් සොහොයුරා තරඟයට එක්ව සිටි අතර ආරම්භ වූ ගම හරහා දිවීම අඩක් පමණ යද්දී තරඟකරුවන් අතර සිටි මෙම 10 හැවිරිදි දරුවා රෝගාතුර වී තිබේ.

ප්‍රදේශවාසීන් විසින් එම දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අසාධ්‍ය තත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට යොමු කර තිබිණි. කැකිරාව රෝහලට එම දරුවා රැගෙන යනවිට මියගොස් සිටි බව පොලිසිය කියයි.

මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (22) සවස සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

error: Content is protected !!