29.4 C
Galle

දූෂණ, වංචා සහ අල්ලස නැතිකිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට

Published:

දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරන බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට අද (27) ඉදිරිපත් කෙරිණි.

පාලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතා පනතේ වගන්ති සභාව හමුවේ කියවීය.

අල්ලස් දූෂණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණය නැති කිරීම සඳහා ජනතාව දැනුම්වත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!