33.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 12,834ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 928ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,012ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 132
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 120
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 60

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 02
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 1.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • නේෂන්ස් ලංකා සමාගම 25%
  • ඔන්ලේ හෝල්ඩින්ස් සමාගම 14%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 308
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 161ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 107ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 54ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම  රුපියල් මිලියන 122
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 07
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 83

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!