29.4 C
Galle

උසස් පෙළ විභාග ඇගයීමට යළි අයදුම්පත්‍ කැඳවයි

Published:

උසස් පෙළ විභාගයේ විෂයයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා මෙතෙක් අයදුම් නොකළ ගුරුවරුන්ගෙන් සහ 2022 දෙසැම්බර් මස 31 වැනි දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් අයදුම් පත්‍ර කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (27) සිට මැයි මස 02 වැනි දා දක්වා ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමේ අවස්ථාව හිමිවෙයි.

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයයන්ට අදාලව මෙලෙස අයදුම්පත්‍ර කැඳවීම සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!