30 C
Galle

‍”පොලිසිය නවීකරණය කර මාසයක දී කියන්න” – කෝපා කමිටුවෙන් උපදෙස්

Published:

නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යැයි පොලිසියට 2016 දී කෝපා කමිටුව විසින් උපදෙස් ලබා දී ඇතත් එය මෙතෙක් ඉටු වී නැතැයි කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී හෙළිදරව් විය.

එය තවමත් ක්‍රියාත්මක වී නොමැති බැවින් ඉදිරි මාසයක කාලයක් තුළ දී එම වැඩපිළිවෙල සකසා ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සබාපති ලසන්ත අලගියන්න පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය සඳහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හදුන්වා දීමට පියවර ගන්නා බවයි. ඒ අනුව පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුතුවල තත්ත්වය දක්වා විස්තර ලබා ගත හැකි නව නියමු ව්‍යාපෘතියක් මේ වන විට හැටන් සහ නුවරඑළිය පොලිස් ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක බව ද පොලිස්පතිවරයා එහිදි පෙන්වාදී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!