30 C
Galle

පාසලේ දී ආහාර විෂ වී ළමුන් 29 දෙනකු රෝහලේ

Published:

නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ළමුන් 29 දෙනකු ආහාර විෂවීම හේතුවෙන් අද (28) දහවල් ‍නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළබ එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසයි.

ආහාර විෂවීම හේතුවෙන් සිසුන්ට ක්ලාන්තය, වමනය වැනි තත්වයන් ඇතත් බරපතල නොවන බව වෛද්‍යවරු කියති.

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන්ට දිවා ආහාරය සපයන්නේ පාසලෙනි. අද (28) දිවා ආහාරය ගැනීමෙන් පසු ළමුන් රෝගී වූ බව ග්ලාසෝ ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි එස්.සීතා කීවාය.

Related articles

spot_img
error: Content is protected !!