30 C
Galle

පහර කා රෝහලට ගිය තරුණයා, වාට්ටුවේ දී කපා කොටා මරාදාලා

Published:

පහරදීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකු වාට්ටුවේ සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් අත්තේ මැදවච්චිය, මන්නාරම පාරේ පදිංචිව සිටි බී.ඩබ්ලිවව්.රුවන්ජිත් විජිත නමැති 24 හැවිරිදි තරුණයෙකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිව් දෙනකු එක්ව එම තරුණයාට පොළුවලින් පහරදීම හේතුවෙන් බරපතල තත්වයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි. එම රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

ඝාතනය සිදුකළ පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!