31.1 C
Galle

අකුණු සැර වැදී දෙදරු මවක් මරුට. මවගේ උපායෙන් දියණියගේ දිවි බේරේ

Published:

පල්ලම, අඩම්මන වෙල් යායක දී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අඩම්මනපදිංචි 37 හැවිරිදි දෙදරු මවකි.

ඇය තම කජු කිලෝවක් විකිණීමට වෙළෙඳ සැළකට ගොස් නිවසට අවශ්‍ය කළමනා රැගෙන ආපසු එමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත. ඇය තම නව හැවිරිදි දියණිය සමඟ නිවස දෙසට පැමිණෙමින් සිටිය දී කු‍ඹුරේ නියර මත දී මෙලෙස අනතුරට ලක්ව ඇත. අකුණු ඇතිවීම හේතුනේ තම දියණියට නිවසට දිව යන ලෙස පවසා ඇති බවත් දියණිය ඇයට ඉදිරියෙන් දිව යමින් සිටිය දී අකුණකට එම කාන්තාව ගොදුරු වී ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

දරුණු පිළිස්සුම් සහිතව ඇය එම ස්ථානයේ ම මරණයට පත්ව සිටියාය.

Related articles

Recent articles

error: Content is protected !!