30 C
Galle

උසස් පෙළ ප්‍රශ්නපත්‍ර බැලීම ගැන සුබ පෙරනිමිති

Published:

උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ ගැටලුව තව දින දෙක තුනකින් විසඳී ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කරනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙට පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේ ආරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ තමන් සාකච්ඡා කළ බවත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායම් ප්‍රශ්නපත්‍ර බැලීමට එක්වනු ඇතැයි ඉඟි පල වී ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පිළිතුරු පත්‍ර බැලීමේ දී ගුණාත්මක බව රැකගැනීම අතිශය වැදගත් බවත්, පුද්ගලිකව ආචාර්යවරු සහ විභාග දෙපාර්තමේන්තුව අතර ඇතිවන අවබෝධතා ගිවිසුමක් යටතේ එය කළ යුතු බවත් ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!