27.6 C
Galle

එන්නතකින් බිරිඳ මැරීමට තැත් කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Published:

ඉන්සියුලින් අධි මාත්‍රාවක් ශරීරගත කර බිරිඳ මරාදැමීමට තැත්කළා යැයි සැකපිට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය රෝහලේ සේවයකරන 33 හැවිරිදි වෛද්‍යවරයෙකි.

පොලිසිය පවසන්නේ කොළඹ 05, ලෙයාර්ඩ් පාරේ පදිංචි කාන්තාවක් අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බම්බලපිටිය පොලිසියට ලැබුණු පණිවිඩයක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

සිහිසුන්ව සිටි කාන්තාව පරීක්ෂා කිරිමේ දී, ඇගේ සිරුරට ඉන්සියුලින් අධි මාත්‍රාවක් ශරීරගත වී ඇතැයි ප්‍රතිකාර කළ වෛද්‍යවරු තහවරු කරගෙන ඇත. මේ හේතුවෙන් පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සැකකාර වෛද්‍යවරයා තම බිරිඳගේ සිරුරට ඉන්සියුලින් ඇතුළු කිරීමට භාවිතා කළ සිලින්ජරයක් ද සොයාගත් බවයි. ඔහු දින කිහිපයක සිට බිරිඳගේ සිරුරට ඉන්සියුලින් ඇතුළුකර ඇති බව ද අනාවරණය වී ඇත.

රෝගී වූ බිරිඳ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛද්‍ය සැමියා අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද (01) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!