26.2 C
Galle

රනිල්ට කොටස් වෙළඳ පොළ වසා දැමීමට සිදුවෙයි ද ?

Published:

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමකට ලක්වුවහොත් කොටස් වෙළෙඳ පොළ වසා දමන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ප්‍රකාශයෙන් පසු අඛණ්ඩව දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳ පහළ යාමට ලක්ව තිබේ. අද (02) දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 271කින් පහළ යාමට ලක්විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 17,514ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 983ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 271ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,711ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 189
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 78
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 75

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම කොටස් මිලියන 03
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ස්ටෑඩඩ් කැපිටල් සමාගම  10%
  • ආසිරි සර්ජිකල් සමාගම 03%
  • සතොස මෝර්ටර්ස් සමාගම 03%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 290
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 172

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 59ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 60ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 19
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 14
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 31
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 10
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!