30.5 C
Galle

විදුලි බිල අඩුවෙන ලකුණු

Published:

ජූලි මාසයේ දී විදුලි බිල නැවත සමාලෝචනය කර ගාස්තු සංශෝධනය කෙරෙහි අවදානය යොමුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන වි‍ජේසේකර පවසයි.

රජයේ ප්‍රතිපත්තිමය තීරණය වී ඇත්තේ පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදී සෑම වර්ෂයක ම ජනවාරි සහ ජූලි මාසවල එය සමාලෝචනය කර ගාස්තු සංශෝධනය කිරීමයි.

ඒ අනුව එළඹෙන ජූලි මාසයේ දී ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු විය හැකියි. මේ වනවිට වැඩි වී ජීවන වියදම, ඉන්ධන මිල අනුව ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇති අතර දැනට උද්ධමනය අඩුවී තිබීමත්, ඉන්ධන මිල පහ වැටීමත් හේතුවෙන් ජූලි මාසයේ දී විදුලි ගාස්තු අඩුකළ හැකි වනු ඇතැයි ද රජයේ අපේක්ෂාව වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!