30.5 C
Galle

තවත් ගුවන්තොටුපොළක් ඉදිකරන්න රජයේ සූදානමක්

Published:

ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන හිඟුරක්ගොඩඩ ගුවන් ධාවන පථය වැඩිදියුණු කර තවත් සිවිල් ගුවන් තොටුපොළක් ඉදිකිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (03) අමාත්‍යාංශයේ දි පැවැත්විණි.

දැනට ඇති ධාවන පථයේ දිග මීටර 2287කි. එය මීටර 2800ක් දක්වා දීර්ඝ කර පිවිසුම් මාර්ගයක් ද සාදා වැඩිදියුණු කිරීමට මෙහි දී සැළසුම් ඉදිරිපත් වී තිබේ. ගුවන් යානා අංගනයක් ඉදිකිරීම, ගුවන් මෙහෙයුම් පද්ධතියක් සැකසීම, පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්ත ඉදිකිරීම ආදී කටයුුත පිළිබඳ ව ද මේ රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීමෙන් සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල වැනි නගර වෙත පැමිණෙන විදෙස් සංචාරකයන්ට මහත් පහසුවක් වන බව එහි සැළසුම් කරුවෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!