30.5 C
Galle

ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී හමුදා සාමාජිකයෙක් සහ පාසල් සිසුවකු මරුට

Published:

වැලිගම පැලෑනේ දී ත්‍රී රෝද රථයක් අද (03) සවස දුම්රියක ගැටීමෙන් වයස අවුරුදු 09ක දරුවෙක් සහ  යුද හමුදා සාමාජිකයකු මියගොස් ඇතැයිි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ නිවාඩුවට ගමේ පැමිණ ත්‍රී රෝද රථය පැදවූ 32 හැවිරිදි යුද හමුදා සාමාජිකයකු සහ ඔහුගේ ඥාති දරුවෙකි. පාසල් නිම වී දරුවන් තිදෙනකු ඔවුන්ගේ මව සමඟ මෙම ඥාතියාගේ ත්‍රී රෝද රථයේ පැමිණ ඇත. රථය පැදවූ හමුදා සාමාජිකයා අනතුර වූ  ස්ථානයේ දී ම මියගොස් ඇති අතර තුවාල ලැබූ දරුවන් තිදෙනා සහ මව මාතර මහ රෝහලට රැගෙන යමින් සිටිය දී 09 හැවිරිදි දරුවකු ද මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ එම ත්‍රී රෝද රථය ගැටී තිබේ.

ඡායාරූපය – Accident 1st facebook පිටුවෙනි

Related articles

spot_img
error: Content is protected !!