30.5 C
Galle

ඇල්පිටියේ දී කාන්තාවක් මියගිය අනතුර සැළසුම් සහගත ඝාතනයක්. පොලිසිය සැමියා අල්ලයි

Published:

බිරිඳගේ රක්ෂණ මුදල් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මිතුරකුගේ වාහනයකට යටකර සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙගන ඇත්තේ ගාල්ලේ පදිංචි 24 හැවිරිදි රැකියා විරහිත තරුණයෙකි.

ඔහුගේ බිරිඳ තල්ගස්වල, දියකුතල්කන්ද ප්‍රදේශයේ පදිංචි වන්නිආරච්චිලාගේ නිරෝෂා උදයංගනී නමැති 40 හැවිරිදි කාන්තාවකි. ඇය ඇඟළුම් සේවිකාවක ලෙස කටයුතු කළාය.

එම කාන්තාව රුපියල් ලක්ෂ  50 බැගින් ජීවිත රක්ෂණ 04ක් ලබාගෙන ඒවායේ ඔප්පු ද තබාගෙන සිට ඇත. මේ බව දන්නා සැමියා එම මුදල් ලබාගැනීමේ අපේක්ෂාවෙන් තම මිතුරකුගේ කැබ් රථයකට ඇය යටකර මරා දැමීමට සැළසුම් කර ඇතැයි සැමියා අත්අඩඩංගුවට ගත් පිටිගල පොලිසිය පවසයි.

රක්ෂණ මුදල් ලබාගැනීමෙන් අනතුරුව ඝාතනය කළ මිතුරාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීමට ද ඔහු පොරොන්දු වී සිට ඇත.

ඝාතනය සිදුකළ කැබ් රථය පැදවූ මිතුරා ද අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!