26.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 4,391ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 252ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 30ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,830ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 30
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 21
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 20

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 02
  • ඉන්ස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 1.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම 25%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම 11%
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම  10%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 300
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 32ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 06ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 26ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම  රුපියල් මිලියන 24
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
  • මල්වත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 2.7
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 1.5
  • බීපීපීඑල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!