30.5 C
Galle

සිරකරුවන් 988 දෙනකුට නිදහස ලැබෙයි

Published:

බන්ධනාගාර රැඳවූවන් 988 දෙනකු අද (05) වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔවුන්ට විශේෂ සමාවක් ලබා දී ඇත.

ඒ අනුව අපරාධමය නොවන වැරදි හේතුවෙන් බන්ධනාගාර ගත ව සිටි පිරිමි පුද්ගලයන් 982ක් සහ කාන්තාවන් 06 දෙනකු ඇතුළු 988 දෙනෙක් අද නිදහස ලැබීමට නියමිතය.

වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර සිරකරුවන් බැලීමට එන විශේෂ අමුත්තන් හමුවීමට ද අද (05) සහ හෙට (06)  අවස්ථාව ලබා දී තිබේ.

රැදවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම අද සහ හෙට දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!